This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Tuesday 20 May 2014

දන්න සිංහලෙන් ෆේස්බුක් යන්න(Sinhala Facebook)

ෆේස්බුක් දැන් සිංහලෙන් 

ලොව ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය වන Facebook හි මුහුණත භාවිතා කිරීම සඳහා සිංහල භාෂාවද නිල භාෂාවක් ලෙස එක්කොටගෙන ඇත. ඒ අනුව මේවනවිට ෆේස්බුක් පරිහරණය කරන ඔබටද සිංහල භාෂාව මගින් ෆේස්බුක් හැසිරවිය හැක. ෆේස්බුක් සඳහා සිංහල භාෂාව ලබාදෙන මෙන් පළමුව සිදුකල ඉල්ලීමට වැඩි ජන්ද ප්‍රමාණයක් ලැබුණු පසු Facebook Translations කණ්ඩායම විසින් ෆේස්බුක් මුහුණත සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට අවස්ථාව ලබාදී ඇත. ෆේස්බුක් සතුව සිංහල පරිවර්තනය කිරීම සඳහා කණ්ඩායමක් නොමැති හෙයින් ශ්‍රී ලංකාවේ ස්වේච්චාවෙන් ඉදිරිපත්වූ ෆේස්බුක් පරිශීලිකයන් පිරිසක් විසින් සිංහල පරිවර්තනය සිදුකොට ඇත. ඒ අනුව ඔවුන් විසින් යෙදුම් 20,000 කට ආසන්න ප්‍රමාණයක් පරිවර්තනය කොට ඇතිඅතර එම පරිවර්තන සඳහා ෆේස්බුක් පරිශීලකයන් කැමැත්ත පළකිරීමත් ඉන්පසුව ෆේස්බුක් පරිවර්තන කණ්ඩායම විසින් අනුමත කිරීමත් සිදුකර ඇත. ෆේස්බුක් වෙත සිංහල එක්කිරීම සඳහා සෙටින්ග්ස් මෙනුවට ගොස් General සෙටින්ග්ස් වෙතගොස් භාෂාව සිංහල භාෂාව ලෙස තේරීමෙන් සිදුකල හැක. මෙම දැවැන්ත කාර්ය සඳහා මුල්වී ඇත්තේ පසිඳු කාවින්ද නම් තරුණයෙකි. ඔහුත් සමග මෙයට දායකවූ පිරිස බලන්න පහතින්.


Copy Of Neth Fm

Saturday 10 May 2014

ඇන්ඩ් කොම්පැණි අලුත් නාලිකාවකට යන හැඩ


මේ නාට්‍යය මහජනතාව වෙනුවෙන් සාධාරණයක් කළ එකක් සහාය අධ්‍යක්ෂ හා බනුර චරිතය රඟන ආනන්ද කපුගේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වුණ ‘ඇන්ඩ් කොම්පැණි’ ටෙලි නාට්‍යය හිටි හැටියේම නතර වුණා.
මේ සිද්ධියට සම්බන්ධ ගොඩක් අය නම් කිව්වේ මේ නාට්‍යය නතර වුණේ රවීන්ද්‍ර යසස් රංගවේදියා මැතිවරණ අපේක්ෂකයකු වූ නිසයි කියලා. මේ බව හරිහැටියෙන්ම දැනගන්න අපි ඇන්ඩ් කොම්පැණි ටෙලි නාට්‍යයේ ශිල්පීන් කිහිප දෙනෙක් එක්කම කතා කළා. අපිත් එක්ක මුලින්ම කතා කළේ ඇන්ඩ් කොම්පැණි ටෙලි නාට්‍යයේ සහාය අධ්‍යක්ෂක වගේම එහි ජ.වි. පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ චරිතය රඟන ආනන්ද කපුගේ සමගයි.

ඇන්ඩ් කොම්පැණි නාට්‍යයේ ඔයා කරන චරිතය?
බනුර කියලා තමයි නම් වෙලා තියෙන්නේ.

අනුර කුමාර දිසානායක මහත්මයාගේ චරිතය මේ ප්‍රතිනිර්මාණය කිරීමෙන් ඔයාට බලපෑමක් ආවේ නැද්ද?
ඇත්තටම එහෙම අභියෝගයක් නම් ආවේ නැහැ.

ගුණදොස් කියන්නවත් කතා කරලා නැද්ද
නැහැ. මට එහෙමවත් කතා කළේ නැහැ.

නාට්‍ය නැවැත්තුවේ ඇයි?
ඒකට හේතුව හරියටම කියන්න බැහැ.

මේ නාට්‍යය නවත්තනවා කියලා අදාළ නාලිකාවෙන් ඔයාලාව දැනුවත් කළාද?
නැහැ. අපිට එහෙම දෙයක් කියලා තිබුණේ නැහැ.

නාට්‍යය නවත්තන්න හේතුව රවීන්ද්‍ර යසස්ද?
බොහෝ විට එහෙම වෙන්න පුළුවන්.

මේ නාට්‍යය නැවත විකාශනය කරන්න අවස්ථාවක් ලැබුණොත් මොකද කරන්නේ ?
මේ නාට්‍යය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් සාධාරණයක් කළ නාට්‍යයක්. තිර පිටපත ලියැද්දී වුණත් දේශපාලනික වශයෙන් දෙපැත්තටම වදින විදිහට තමයි ලිව්වේ. ජනතාව වෙනුවෙන් නැවත මේ නාට්‍ය විකාශනය කරන්න අවස්ථාවක් ලැබුණොත් විකාශනය කරනවා.

නාට්‍ය නවත්තපු එක සාධාරණද අසාධාරණද?
බොහොම අසාධාරණයි.

මට සජිත් මහත්තයා තමා කිව්වේ හම්බන්තොටින් ඡන්දෙ ඉල්ලන්න කියලා - සුජිත්ට රඟන ප්‍රදීප් රාජපක්ෂ

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ චරිතය රඟන ප්‍රදීප් රාජපක්ෂ සමගත් අපි කතා කළා.
මේ නාට්‍යයේ ඔයා කරන චරිතය.
සුජිත් කියලා තමයි නම් වෙලා තියෙන්නේ

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා කතා කළාද?
ඔව් කතා කළා. මට සුබ පැතුවා. එයා සතුටු වුණා එයාගේ චරිතය රඟපාන්න කෙනෙක් ඉන්න එක ගැන.

දකුණු පළාත් සභාවට ඡන්දෙ ඉල්ලනවා කියලා ආරංචියි
ඔව්.

කවුද ඡන්දේ ඉල්ලන්න කිව්වේ
සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමාම තමයි.

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා වගේ වුණාම ඡන්දේ ඉල්ලන්නත් සුදුසුකම් තියෙනවා කියලා හිතුවාද?
සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා මට පස් සැරයක් කතා කරලා තමයි මේකට මාව කැමති කර ගත්තේ.

ඇන්ඩ් කොම්පැණි නතර වුණා?
ඔව් මට එහෙම කිව්වා තමයි.

හේතුව රවීන්ද්‍ර යසස් කියලා ඔයත් විශ්වාස කරනවාද?
සමහර විට එහෙම වෙන්න පුළුවන්.

එයා වගේම ඔයත් ඡන්දේ ඉල්ලනවානේ
ඔව් ඉතිං

එහෙනම් එයා නිසාම මේ නාට්‍යය නතර වෙනවා කියන එක අසාධාරණයි නේද?
ඔව් ඒකයි. මම මේ ගැන හරියටම දන්නේ නැහැ.

සුපිරිවීර චරිතය නිසා මට මංගල සමරවීර මහත්තයා කතා කළා. - මහින්ද ශ්‍රී උපුල්

මංගල සමරවීර මන්ත්‍රීවරයාගේ චරිතය රඟන මහින්ද ශ්‍රී උපුල්ගෙනුත් ඇන්ඩ් කොම්පැණි නාට්‍යය නතර වුණේ ඇයි කියාල අපි අහලා බැලුවා.
ඇන්ඩ් කොම්පැණි නාට්‍යයේ ඔයා රඟපාන චරිතය
සුපිරිවීර

මංගල සමරවීර මන්ත්‍රීතුමා කතා කරලා බලපෑම් කළේ නැද්ද?
අනේ නැහැ. මට කතා කරලා නම් තියෙනවා.

මංගල සමරවීර මන්ත්‍රීතුමා ඡන්දේ ඉල්ලන්න කිව්වේ නැද්ද?
නැහැ... නැහැ... එහෙම කියලා නම් නැහැ.

මන්ත්‍රීතුමාට පින් සිද්ධ වෙන්න රඟපාලා හම්බ කරගන්නවා නේද?
අනේ නැහැ. මම කලාවට ආවේ 1987 දී එදා ඉඳන් රඟපානවා. ඒත් හම්බකර ගත්ත දෙයක් නම් නැහැ.

ඇන්ඩ් කොම්පැණි නතර වුණා කියලා ඔයා දන්නවා ඇති.
ඔව්.... ඔව්... මට කෝල් කරලා කිව්වා නම් තමයි. තාම ඒ නාට්‍යයේ ශිල්පීන් කවුරුත් හම්බ වුණේ නැහැ කතා කරන්න.

නතර කරන්න හේතුව රවීන්ද්‍ර යසස්ද?
ඒ ගැන නම් දන්නේ නැහැ. කොහොම වුණත් මේ නාට්‍ය නතර වුණ එක නම් වැරදී. මොකද ඇත්ත කතා කරන නාට්‍යයක්නේ. කොහොම වුණත් මේ නාට්‍යය ජනාධිපතිතුමා වුණත් බැලුවනේ.

මර්වින් සිල්වා චණ්ඩියෙක් කිව්වට කාටද ගහලා තියෙන්නේ - දොන් ගයි

ඇන්ඩ් කොම්පැණි නාට්‍යයේ විශේෂ චරිතය වන මර්වින් සිල්වා ඇමැතිවරයාගේ චරිතය රඟන දොන් ගයි පර්ඩිනෑන්ඩු සමගත් අපි කතා කළෙමු.
ඇන්ඩ් කොම්පැණි නාට්‍යයේ ඔයාගේ චරිතයේ නම
ගැමුණු කියලා තමයි නම් වෙලා තියෙන්නේ.

මර්වින් සිල්වා ඇමැතිතුමාගේ චරිතේ රඟපාන එක නම් එච්චර පහසු නැතිව ඇති නේද?
ඇයි එහෙම කියන්නේ

නෑ ඉතිං ඒ මර්වින් සිල්වා ඇමැතිතුමානේ ඒකයි
නැහැ. එතුමා මගේ හොඳ මිතුරෙක්.

ඇමැතිතුමා කතා කරන්නත් ඇති එහෙනම්
ඔව්... ඔව්... මට කතා කරලා සුබපැතුවා

ඇමැතිතුමා වගේ රඟපාන එක වාසි ඇති නේද?
ඔව්... ඔව්... ඇමැතිතුමාට වගේම මටත් දැන් මිනිස්සු සලකනවා. කොහේ ගියත් ඉක්මනට වැඩ කරගෙන එන්න පුළුවන්.

එහෙනම් මිනිස්සු ඔයාට බයත් ඇති.
ඇයි බය වෙන්නේ. ඇමැතිතුමා පිටින් යකෙක් වගේ පෙනුනට ඇතුළාන්තයෙන් යකෙක් ‍නෙවෙයි. චණ්ඩියෙක් කිව්ව කාට හරි ගහලා කියලා එකකුත් නැහැනේ.

මොකද මේ සුදු හුණු ගාන්නේ
සුදු හුණු ගාන්න දෙයක් නැහැ. එතුමා මගේ හොඳ මිතුරෙක්. එතුමා ගැන මම දන්නවා. මම එතුමාලාගේ ගෙදර යනවා එනවා. එකට කනවා, බොනවා එතරම් නිහතමානී හොඳ මනුස්සයෙක්.

ඇන්ඩ් කොම්පැණි නතර කළා.
ඔව් මටත් කිව්වා. මම අවුරුදු 40ක් රඟපාලා තියෙනවා. ඒත් මිනිස්සු අතරට ගියේ ‘ගැමුණු’ කියන චරිතයෙන්
නතර කරන්න හේතුව
කොහොම වුණත් මේ නාට්‍යය නතර වෙලා කියලා ප්‍රේක්ෂකයන් කිහිප දෙනෙක් කිව්වා.

වෙනත් නාලිකාවක මේ නාට්‍යය විකාශනය කරන්නෙ කියලා ඔයාටත් ආරංචි වුණාද
ඔව්.. ඔව්.. මටත් ඒ වගේ ආරංචියක් නම් ආවා. කොහොම වුණත් එහෙම හරි ඒ නාට්‍යය විකාශනය කරනවා නම් හොඳයි.

Copy OF Rivira.lk