This summary is not available. Please
click here to view the post.
Film.Joke.Sinhala Novel.Food.Software.Game
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

| පළමුව මම නමදිමි සම්මා සම්බුදු | සාදු |
| දෙවනුව මම නමදිමි සදහම් ගුණ | සාදු |
| තෙවනුව මම නමදිමි තුන්කල් සඝ රත්නය | සාදු |
| සිව්වන වරට නමදිමි තුන් සරණය | සාදු |
| සරසවි මෑණියෙණි මට අවසර | දේවා |
| සන රාමර ගුණය පවසන්නයි | මේවා |
| වස් දොස් ඇතොත් මා නිති රැක | දේවා |
| උපගුප්ත තෙරුනගේ ගුණ මා | පවසනවා |
| බුදුහිමි සමග ආනන්දය හිමිද | එදා |
| මථුරා පුරට වැඩ ධර්මය දෙසන | සදා |
| පැවසිය උපගුප්ත තෙරුනගේ පුවත | එදා |
| වැටහිනි අනද හිමිගේ සිහි ලයට | කිදා |
| ආනන්දයනි මේ අනවැකි අහ | ගන්නේ |
| මා පිරිනිවුන දා සිහියට අර | ගන්නේ |
| සියවස පිරුණු තැන මථුරට බිහි | වන්නේ |
| බුදු වරයෙක් සමයි බුදු දම | බබලන්නේ |
| සුවඳයි පලාතම ගෙනයන සුවඳ | බඩු |
| පුරවා ගෙන දියරත් පෙට්ටියක | කුඩු |
| රජ සිටු මැදුර වෙත ගෙන යයි නොකර | අඩු |
| වෙළදුගෙ ජීවිතය සැපයද නොවෙයි | අඩු |
| යහපත් උසස් ගුණ දම් ඇති වෙළදු | නට |
| පින්වත් රුවැතියක් ලැබුවැකි බිරිය | කොට |
| දරුවන් තුන්දෙනෙක් ලැබුනෙමි ඔවුන් | හට |
| බාලම උපගුප්ත සුරතල් පායි | ගෙට |
| රූ රූ මුණ්ඩ පාමුල වෙලදුගෙ නිවස | වෙති |
| පර්වත මුදුනේ මහ පන්සල පිහිට | වෙති |
| සානක වාසි හිමියන් එහි වැඩ | වසති |
| නා හිමි නිතර ඒ ගෙය සෝදිසි | කරති |
| මෝරණ සඳ මඩල රන් තැටියක්ද | වෙති |
| පීරන වලා අතරින් ලොව එළිය | වෙති |
| කොතරන් බාදා ආවත් ලොව බබල | වති |
| උපගුප්ත දරුව ලොව මහා හපනෙක්ද | වෙති |
| මේ හැම සියලු වත ගොත පැවසුව | සේක |
| අනද තෙරුන් සිහියෙ ගත කළ | සේක |
| මේ මිහිතලය ගුගුරාගෙන දුක | සේක |
| තිලොවග බුදු රජුන් පිරිනිවනට වැඩි | සේක |
| වෙළදා හමුවෙලා බුදුහිමි දෙසු පුවත | කියා |
| දරුවා උපන්නේ වෙසගේ පෝ දිනයි | කියා |
| චීවර දරන්නට හැමටම නොහැක | කියා |
| පෙරුමන් පුරන්නට ඕනය නා හිමි දෙසුවේ | දයා |
| උපගුප් දරුවා සෙමින් වැඩෙන් | නේ |
| සානකවාසි හිමි ඔවදන් දෙන් | නේ |
| බුද්ධානුස් සතියද වඩමින් | නේ |
| පියා සමග වෙළදාමෙද යන් | නේ |
| පෑ පුන් සඳ මඩළ වැනි මගෙ පුංචි | පුතා |
| ඉපදුන දා සිටන් මට ජය ලැබුනෙ | ඉතා |
| නිවසට පහන වැනි කීකරු බාල | පුතා |
| බුදුගුණ කියන කොට පණ්ඩිත නමකි | ඉතා |
| පවුලට හිටිය සුරතල් අපේ බාල | පුතා |
| නිතරම සැනසෙන්න ප්‍රියදේ කියයි | ගොතා |
| වෙළදාමෙද මා සමගින් යන්නේ | පුතා |
| රන්මසු ගෙනෙන්නට මට හිමි එකම | පුතා |
| උපගුප් කුමරුගෙ මව්පියො කැමති | කරන් |
| ශානක වාසි හිමි කුමරුව රැගෙන | ගොසින් |
| හිස මුඩු කර කුමරුගෙ සිත පහද | වමින් |
| පැවිදි වුණේ බුදු සසුණට පහනක් | මෙන් |
| පැවිදි බව ලබා බොහොදින පසු නොවු | නේ |
| කෙලෙසුන් නසා උපගුප් හිමි රහත් වු | නේ |
| ශානක වාසි හිමි දිනකදි පවසන් | නේ |
| වැදගත් කරුණක්ය පුතනුව අහගන් | නේ |
| සියක් වසට පෙර බුදුහිමි දෙසු | සේක |
| සසුනට පහන වී මරු පරදන | සේක |
| ගොඩගෙන විදින හැමදනගේ දුක | ශෝක |
| උපගුප්ත ඔබය බුදුහිමියන් දෙසු | සේක |
| ඒ හැම අනවැකි හරිගිය වැන් | නේ |
| එහෙනම් දරුව ඒ යුතුකම පැවරෙන් | නේ |
| උපගුප් තෙරු ගුරු උපදෙස් පිලිගන් | නේ |
| භික්ෂුනටද ගුරු ඔවදම් ගෙන දෙන් | නේ |
| මථුරා පුරයේ රජ දහනෙම පැතිර | ගියා |
| උපගුප් තෙරිදු මදු රස බණ දෙසති | කියා |
| දහස් ගනන් මුරන්ඩු සිත් නිවී | ගියා |
| දහස් ගනන් ජනයා සුව නිවන් | ගියා |
| බුදු කෙනෙකුන් සමයි තෙරිදුන් දම් | දෙසන්නේ |
| අහුමුලු නෑර ඒ ගැනමයි | ඇහෙන්නේ |
| සුරා සැල්ද මස් කඩ දොර | වැහෙන්නේ |
| රුදුරු මරුට එය ඉහිලුම් | නොදෙන්නේ |
| සෑහෙන පිරිස දම්සභයට රැස් වුනේ | ය |
| උපගුප් සමිදු දෙසුමට බණ සැරසුනේ | ය |
| මුතු වැස්සක් මාරය මහා වැස්සුවේ | ය |
| තන්හා පිරි ජනයා මුතු එක් කරේ | ය |
| උපගුප් සමිදු මෙය ඉවසා ගන් | නේ |
| තෙරිදුන් දිවැසින් එය දැකගන් | නේ |
| පවිටු මරුය මේ මුතු වැසි වස්සන් | නේ |
| දෙවැනි දිනද දම් දෙසුමට සැරසෙන් | නේ |
| දෙවැනි දිනයෙද ජනයා එක් | වූවේ |
| සමිදුන් සියලු සිත් පහදා | ලූවේ |
| ඉවසා ගත නොහැක මරු සිහි එල | වූවේ |
| රන් කහවනු වැසි මිහිපිට හෙලු | වේ |
| ජනයා බොහෝ තන්හා උපදවන් | ට |
| රන් මුතු මාල අපගේ ගෙල පලදන් | ට |
| නැටුම් ගැයුම් කාමේ රස පෙන්නන් | ට |
| මාරයා හදන්නේ සසරේ බැද ගන් | ට |
| තුන්වෙනි දිනද අපගේ බුදු පුතුන් | එදා |
| සසරේ දුක පහදන්ට අර්ථ | යොදා |
| එතී දනන්ගේ සිත සුව නිවන | සදා |
| තූර්්‍ය නාද පෑවේ මාරයා | එදා |
| ජනතාවගෙ සිහි මොල කැලබී | යන්නේ |
| තූර්්‍ය නාටකද එහි ඇති වන් | නේ |
| දිව්‍ය අප්සරාවෝ එහි රග දෙන් | නේ |
| කුල්මත් වු දනන් එතනට දිව | යන්නේ |
| උපගුප් තෙරිදු හොදහැටි සන්සුන් | වන්නේ |
| මාර තෙමේ උදම්ව සතුටින් | ඉන්නේ |
| තෙරිදුගෙ හිසේ මල් දමක්ද පල | දන්නේ |
| එය වරදක්ය මරු හට දඩුවම් | දෙන්නේ |
| සම්මා සම්බුදුන් ඇයි මොහු නොහික් | මුවේ |
| ශාසනයට මොහුගෙන් විපතකීය | වූවේ |
| කලයුතු සියලු දේ සිත තුල පැවැත් | වුවේ |
| මාරය බදින ලද මල්දම ඉවත් | වුවේ |
| මිනිස් කුණක් සහ බලුකුණුකත් | ගන්නේ |
| මාරයා ලගට කුණ දෙක අරගෙන | එන්නේ |
| මරුගේ සතුට නිමිහිම් නැති වී | යන්නේ |
| උපගුප් තෙරුන් මට වසගව | ඉන්නේ |
| සතුටුව ප්‍රීතිවි මරුතෙම සැන | සීය |
| ගෞරව පිණිස තෙරුනට හිස | නැමුවේය |
| එය දුටු තෙරුන් සැනෙකින් ඉක්මන් | වීය |
| හිසේ බලු කුණත් කනේ මිනී කුණ | එල්ලීය |
| නොහික්මුණු මාරයා මා පිලිකුල් | කලදේ |
| මගේ හිසේ ඇයිදැයි මල්දම් | බැන්දේ |
| තොප කල වරදටයි තොප දඩුවම් | වින්දේ |
| එම නීසා තොපගෙ ගත තුල කුණු කය | බැන්දේ |
| මාරයා හිතයි නැ තෙරුනට | පරදින්නේ |
| සෑහෙන බලයෙනුයි මා ජීවත් | වන්නේ |
| බොහොමත් බලය ඇති දෙවියන් දෙව්ලොව | ඉන්නේ |
| දෙවියන් ලවා මේ කුණු ගලවා | ගන්නේ |
| උපගුප් තෙරුන් මරුගේ හිත හැදින | ගෙන |
| පැතුමක් කලා දෙව්ලොව මහ බමුන් | ගෙන |
| මා මිස වෙනත් කිසිවෙකු හට නොහැකි | වෙන |
| ගුගුරයි තුන් ලොවම මහහෙන හඩක් | මෙන |
| මාරයා ගියේ සැනෙකින් මහ දෙවු ලොව | ට |
| යාචකයෙක් ලෙසින් පවසයි දෙව්දුන් | ට |
| බැරිබව කියයි දෙව්ලොව මහ දෙවියන් | ට |
| යන්නට ගියා බොහොදුර ඇති බඹ ලොව | ට |
| මාරයා ගිහින් පවසයි මහ බඹුන් | හට |
| මහ විපතක්ය සිදුවනෙ මහ බඹුනි | මට |
| ගලවා දෙන්ට ගතෙහි බැදි කුණුප | මට |
| කොහොමද බැදුනෙ මේවැනි කුණුපයක් | තට |
| උපගුප් කියා තෙරුනුන් මනු පොලොව | තලේ |
| බුදුබණ කියයි මිනිසුන් සිත් පහන් | කලේ |
| හිරිහැර කලා එතුමට අවඩැක්ය | කලේ |
| එම නිසා එතුමා මා හට දඩුවමක් | කලේ |
| එහෙනම් මාර තෙම මේගැන අහගන් | ට |
| දසබල දාරි බුදු රජුගේ පුතුනුන් | ට |
| එරෙහි වෙන්ට බල වික්ක්‍රම නොමැත | මට |
| උපගුප් තෙරුන් පිදුමට එමි මනු ලොව | ට |
| සත් සමුදුර සිදින්න මට බලය | ඇති |
| සාගර පතුල බිදුමට මට බලය | ඇති |
| හතරෙන් තුනක් මිනිසත් ගුණ දහම් | ඇති |
| මිනිසා තමයි තුන් ලොවටම අගය | ඇති |
| ඇල දොල ගංගා සිද සාදුක ඇති | වෙන්නේ |
| මිනිසා මිනිස්කම හැර තිරිසන් | වෙන්නේ |
| සාගර පතුල බිද ජලකද උඩ | එන්නේ |
| මාරය තොපගෙ වාරය එතනයි | එන්නේ |
| දැන් තොප ගිහින් තෙරුනගෙ පා නැමද | සිට |
| නපුරු ගතිය පහකර කීකරුව | සිට |
| කරනට දෙයක් නැත තොප හට සරණ | කොට |
| තෙරුන් සරණ මිස අන් සරණක්ද | තට |
| බඹ ලොව සරණ නැති බව වැටහී | යන්නේ |
| මාරතෙමේ පැරදව මනුලොව | එන්නේ |
| තෙරුනගෙ දෙපා ලග වැද වැටෙමින් | ඉන්නේ |
| කුණුප ඉවත් කරනට අවසර ඉල්ලන් | නේ |
| තෙරිදුනි ඇයිද මට අනුකම්පා | නොකලේ |
| තිලොවග බුදුරජුන් නෑ මට මෙහෙම | කලේ |
| බුදුබව ලබන්නට වීරිය කරන | කලේ |
| බොහොමත් නපුරු කම්මැයි බුදු හිමිට | කලේ |
| ගවවෙස් සර්ප වෙස් ගෙන හිරි හැරද | කලේ |
| ගැල් කරුවෙකුගෙ වෙස් ගෙන හිරි හැරද | කලේ |
| ශාලා බමුණු ගම ආහර නතර | කලේ |
| මොනවා කලත් බුදුහිමි නෑ මෙහෙම | කලේ |
| මහමෙර පර්වතය ලග වැටුනා | වැන්නේ |
| අඹටැක් සමානයි බුදුහිමි ලග | ඉන්නේ |
| කරුණා දයා ගුණ ඉවසීමට | දන්නේ |
| මගේ බුදුහිමිට සම වෙන කවුරුද | ඉන්නේ |
| බුදු බව ලබන්නට දෙව්දත් තෙරුන් | එදා |
| බිම්සර රජු මැරුමට බොරු ගොඩක් | සදා |
| බුදුහිමි නසන්නට මහ ගල් උගුල් | යොදා |
| බුදු බව ලැබුවාද දෙව්දත් තෙරුන් | එදා |
| එහෙමත් කරපු දුදනන් හට නෑ වෛර | කලේ |
| අංගුලි මාල වැනි නපුරන් රහත් | කලේ |
| සුනීත සෝපාක වැනි අය රහත් | කලේ |
| අලවු යකුද බුදුහිමි සෝවාන් | කලේ |
| සියලු සතට පතලවු කරුණාව | ඇති |
| දහස් ගනන් සත්සිත් ගොඩලන්න | ඇති |
| දෙතිස් පුරුෂ ලක්ෂණයෙන් පිරී | ඇති |
| ශ්‍රී බුදු සිරුර දැක්මට මම කැමති | වෙති |
| එහෙනම් මාරතෙම තොප මෙය අහ | ගන්නේ |
| අනුනට හිංසා පීඩා හෙම නොක | රන්නේ |
| ශ්‍රී දේහය මට හොදහැටි පෙන් | නන්නේ |
| පොරොන්දුවක් දෙනු කුණුපය ඉවතට | ලන්නේ |
| නොයෙක් රූප මට හොද හැටි මැවිය | හැකි |
| නොයෙක් වේෂ මගෙ සිරුරට ගන්ට | හැකි |
| සමිදු ගෙ බසට අවනත වී සිටින් | නෙකි |
| සමිදුන් කියන දේ මම පිලි පදින් | නෙකි |
| උපගුප් තෙරිදු කරුණාවෙන් පහන් | වුනේ |
| මාරතෙමට තෙරිදුන් බුදු කෙනෙක් | වුනේ |
| තෙරිදුන් දෙපා ලග දන ඇන වැද | වැටුනේ |
| සිරුරේ බැදි කුණුපයන්ද ඉවත් | වුනේ |
| තෙරිදුනි කරුණාවෙන් පිලි | ගන්නේ |
| බුදුවෙස් දරන්නයි මා දැන් | සැරසෙන්නේ |
| එය දැක බුදුහු යයි මා හට | නොවදින්නේ |
| වැන්දොත් ගින්නෙනුයි මා අලුවී | යන්නේ |
| කියමින් මාර තෙම වන ලැහැබකට | ගියා |
| අගසවු දෙනම ආනඳ හිමි පිටු පසින් | තියා |
| අනුරුද්ධය සුබුති අරිහත් තෙරිදුන්ද | තියා |
| බුදුරුව මවා පෑවේ පුන්සඳ මඩල | කියා |
| එය දුටු තෙරිදු සිත සතුටින් | පිරුනේය |
| අසිරිමත් මගෙ බුදුහිමි පොලවට | දිරුවේය |
| බුද්ධාලම්බන ප්‍රීතිය ඇති | වීය |
| දන්ඩ නමස් කාරය කර | වැන්දේය |
| මෙවෙනි දෙයක් කෙරුමට මම සුදුසු | නැත |
| මාර තොමො මේ මොහොතම දැවෙනු | ඇත |
| එම්බල මාර තෙම තොප බිය නොවනු | සිත |
| මම වැද වැටුනෙ බුදු සිරිපා කමල | මත |
| එවෙලේ මාරතෙම බුදු වෙස් හැර | ලන්නේ |
| තෙරිදුන් දෙපා වැද අවසර ඉල් | ලන්නේ |
| පසුදින මථුරපුර රජ දහනට | යන්නේ |
| ඝන්ඨා නාද කර ජනමන | පුබුදන්නේ |
| උතුම් නිවන දැක්මට කැමති | දනන්නේ |
| තෙරිදුන් උපගුප්ත පුන්සඳ | දිලෙන්නේ |
| බුදු කෙනෙකුන් සමයි සුමුදුර දම් | දෙසන්නේ |
| වැද අවසරගනුය නිවනේ දොර | ඇරෙන්නේ |
| යමෙක් උතුම් නිවන සැපයයි සිතන් | නෙද |
| ඔහුත් උපගුප්ත තෙරුන් අවසර ගනුය | හොද |
| සමයි බුදු කෙනෙක් දෙසනා දහම් | කඳ |
| බුදුන් නොදැක් අය බලනුය තෙරුන් | සඳ |
| |