This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Showing posts with label Bana. Show all posts
Showing posts with label Bana. Show all posts

Wednesday, 18 September 2013

මාරයා පරාජය කල එකම රහතන් වහන්සේ

  %උපගුප්ත තෙරුන්ගේ කථා වස්තුව කවියෙන්%

මුහුදු වෙරළ ඉක්මවීමට කවරෙක් සමර්ථ වේද? මමද මහා බල සම්පන්නයකු වුවද තථාගත බුද්ධ පුත්‍රයෙකුගේ බලයට එය සමාන කළ නොහැක. තොප වහාම ඒ උපගුප්ත තෙරුන් වහන්සේ හමු වී උන් වහන්සේ සරණ යව ....යම් සත්වයෙක් පොළොවට වැටුණූ විට පොළොවම පිහිටකොට නැඟී සිටින්නාක් මෙන් උන්වහන්සේගේ සරණයෙන් මේවා ඉවත්කර ගනුව.

සියලු දෙනාටම පින්බර බිනර පසලොස්වක පොහොය දිනයක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා
කවි වලට කැමති අයට තමා මේ ලිපිය වැදගත් වෙන්නේ අකමැති අය උනත් කියවලා බැලුවට
වරදක් නෑ මොකද මේ මිනිසෙකුගේ මාස ගණනක මහන්සිය තමා කවි පෙලක් වශයෙන් ඔබට
කියවන්න ලැබෙන්නේ. මේ පිළිබදව කියනවා නම් අප මහා අමා මැණි බුදු රජාණන් වහන්සේ
පිරිනිවන් පා වර්ෂ සීයකට පසුව මේ මනු ලොවට පහලවු පින්වත් රහතුන් වහන්සේ නමක් ගැන
ගුණ කථනයයි. මේ කථා වස්තුව දෙවෙනි මාර පරාජය ලෙසින් හැදිනුවට වරදක් නැතැයි සිතනවා
බුදු රජාණන් වහන්සේගෙන් පසු මාරයා පරාජය කල එකම භික්ෂුව වශයෙන් මේ රහතන් වහන්සේ
හැදින්වීමට පුලුවන් එවන් පිනවත් රහතන් වහන්සේ නමක් ගැන මේ විදිහට ගුණ කථනය කීරිමට
ලැබිම මා ලැබු විශාල පිනක් වශයෙන් සලකනවා. ඒ වගේම ගොඩ දෙනෙක්ට මේ පිලිබදව කීයා
දීමට හැකිවිම පිළිබදව ඉතාමත් සතුටුයි. ඇත්තටම මටනම් කවි ලියන්න බෑ මාස ගණනක කාලය
වැයකර මෙම කවිපෙල මා හට ලබාදුන් අනිල් මුණසිංහ නැමැති මාගේ හිතවත් කළණ මිතුරෙක්
කිව්වට වරදක් නෑ වයස පරතරය අති මහත් වුවත් ධර්මය නැමැති මාර්ගයේ ගමන් කරනට මා හට
ඔහුගෙන් ලැබුනු සවිය ඉතා උසස් බව සතුටින් ප්‍රකාෂ කරනවා. ඔහු පිලිබදව යමක් කියනවා නම්
සාමාන්‍ය මිනිසෙක් බව කියන්න කැමතියි. මේක කියෙව්වම ඕයාලා හිතයි මමත් රහත් වේලාද
කියලා එච්චර දුර යන්න බැරි උනත් ධර්මය ටිකක් හරි තේරුම් ගෙන ඇති බව කියන්න කැමතියි
නැත්නම් කට්ටිය හිතයි මූ රහත් වෙන්න හදනවා කියලා මේක කිව්වට හරියටම කථාව තේරුම්
ගන්න බැරිවෙයි ඒක හින්දා කථාවේ සබැදිය කුත් පහලින් දෙන්නම් කථාව කියවලාම වැඩේට
බහින්නකෝ එතකොට කවිය තේරුම් ගන්න ලේසියි එහෙනම් සියලු සත්වයෝ තම තම නැණ
පමණින් ධර්මය අවබෝද කර ගනිත්වා.. ඒ වගේම කවිවල මොනවා හරි වැරැද්දක් තියනවා නම්
සමාව අයැද සිටිනවා මොකද මවුස් එකෙන් තමයි ටිකක් ටයිප් කරේ එහෙනම් සියලු දෙනාටම
සම්මා සම්බුදු සරණයි...............!!!!




පළමුව මම නමදිමි සම්මා සම්බුදුසාදු
දෙවනුව මම නමදිමි සදහම් ගුණසාදු
තෙවනුව මම නමදිමි තුන්කල් සඝ රත්නයසාදු
සිව්වන වරට නමදිමි තුන් සරණය සාදු
  
සරසවි මෑණියෙණි මට අවසරදේවා
සන රාමර ගුණය පවසන්නයි මේවා
වස් දොස් ඇතොත් මා නිති රැකදේවා
උපගුප්ත තෙරුනගේ ගුණ මාපවසනවා
  
බුදුහිමි සමග ආනන්දය හිමිදඑදා
මථුරා පුරට වැඩ ධර්මය දෙසනසදා
පැවසිය උපගුප්ත තෙරුනගේ පුවතඑදා
වැටහිනි අනද හිමිගේ සිහි ලයටකිදා
  
ආනන්දයනි මේ අනවැකි අහගන්නේ
මා පිරිනිවුන දා සිහියට අරගන්නේ
සියවස පිරුණු තැන මථුරට බිහිවන්නේ
බුදු වරයෙක් සමයි බුදු දමබබලන්නේ
  
සුවඳයි පලාතම ගෙනයන සුවඳබඩු
පුරවා ගෙන දියරත් පෙට්ටියකකුඩු
රජ සිටු මැදුර වෙත ගෙන යයි නොකරඅඩු
වෙළදුගෙ ජීවිතය සැපයද නොවෙයිඅඩු
  
යහපත් උසස් ගුණ දම් ඇති වෙළදුනට
පින්වත් රුවැතියක් ලැබුවැකි බිරියකොට
දරුවන් තුන්දෙනෙක් ලැබුනෙමි ඔවුන්හට
බාලම උපගුප්ත සුරතල් පායිගෙට
  
රූ රූ මුණ්ඩ පාමුල වෙලදුගෙ නිවසවෙති
පර්වත මුදුනේ මහ පන්සල පිහිට වෙති
සානක වාසි හිමියන් එහි වැඩවසති
නා හිමි නිතර ඒ ගෙය සෝදිසි කරති
  
මෝරණ සඳ මඩල රන් තැටියක්දවෙති
පීරන වලා අතරින් ලොව එළිය වෙති
කොතරන් බාදා ආවත් ලොව බබලවති
උපගුප්ත දරුව ලොව මහා හපනෙක්දවෙති
  
මේ හැම සියලු වත ගොත පැවසුවසේක
අනද තෙරුන් සිහියෙ ගත කළසේක
මේ මිහිතලය ගුගුරාගෙන දුකසේක
තිලොවග බුදු රජුන් පිරිනිවනට වැඩිසේක
  
වෙළදා හමුවෙලා බුදුහිමි දෙසු පුවතකියා
දරුවා උපන්නේ වෙස‍ගේ පෝ දිනයි කියා
චීවර දරන්නට හැමටම නොහැකකියා
පෙරුමන් පුරන්නට ඕනය නා හිමි දෙසුවේදයා
  
උපගුප් දරුවා සෙමින් වැඩෙන් නේ
සානකවාසි හිමි ඔවදන් දෙන්නේ
බුද්ධානුස් සතියද වඩමින්නේ
පියා සමග වෙළදාමෙද යන්නේ
  
පෑ පුන් සඳ මඩළ වැනි මගෙ පුංචිපුතා
ඉපදුන දා සිටන් මට ජය ලැබුනෙඉතා
නිවසට පහන වැනි කීකරු බාලපුතා
බුදුගුණ කියන කොට පණ්ඩිත නමකිඉතා
  
                                                                                              
පවුලට හිටිය සුරතල් අපේ බාලපුතා
නිතරම සැනසෙන්න ප්‍රියදේ කියයිගොතා
වෙළදාමෙද මා සමගින් යන්නේ පුතා
රන්මසු ගෙනෙන්නට මට හිමි එකමපුතා
  
උපගුප් කුමරුගෙ මව්පියො කැමතිකරන්
ශානක වාසි හිමි කුමරුව රැගෙනගොසින්
හිස මුඩු කර කුමරුගෙ සිත පහදවමින්
පැවිදි වුණේ බුදු සසුණට පහනක්මෙන්
  
පැවිදි බව ලබා බොහොදින පසු නොවුනේ
කෙලෙසුන් නසා උපගුප් හිමි රහත් වුනේ
ශානක වාසි හිමි දිනකදි පවසන්නේ
වැදගත් කරුණක්ය පුතනුව අහගන්නේ
  
සියක් වසට පෙර බුදුහිමි දෙසුසේක
සසුනට පහන වී මරු පරදනසේක
ගොඩගෙන විදින හැමදනගේ දුකශෝක
උපගුප්ත ඔබය බුදුහිමියන් දෙසුසේක
  
ඒ හැම අනවැකි හරිගිය වැන්නේ
එහෙනම් දරුව ඒ යුතුකම පැවරෙන්නේ
උපගුප් තෙරු ගුරු උපදෙස් පිලිගන්නේ
භික්ෂුනටද ගුරු ඔවදම් ගෙන දෙන්නේ
  
මථුරා පුරයේ රජ දහනෙම පැතිරගියා
උපගුප් තෙරිදු මදු රස බණ දෙසතිකියා
දහස් ගනන් මුරන්ඩු සිත් නිවීගියා
දහස් ගනන් ජනයා සුව නිවන්ගියා
  
බුදු කෙනෙකුන් සමයි තෙරිදුන් දම්දෙසන්නේ
අහුමුලු නෑර ඒ ගැනමයි ඇහෙන්නේ
සුරා සැල්ද මස් කඩ දොරවැහෙන්නේ
රුදුරු මරුට එය ඉහිලුම් නොදෙන්නේ
  
සෑහෙන පිරිස දම්සභයට රැස් වුනේය
උපගුප් සමිදු දෙසුමට බණ සැරසුනේය
මුතු වැස්සක් මාරය මහා වැස්සුවේය
තන්හා පිරි ජනයා මුතු එක් කරේය
  
උපගුප් සමිදු මෙය ඉවසා ගන්නේ
තෙරිදුන් ‍දිවැසින් එය දැකගන්නේ
පවිටු මරුය මේ මුතු වැසි වස්සන්නේ
දෙවැනි දිනද දම් දෙසුමට සැරසෙන්නේ
  
දෙවැනි දිනයෙද ජනයා එක් වූවේ
සමිදුන් සියලු සිත් පහදාලූවේ
ඉවසා ගත නොහැක මරු සිහි එලවූවේ
රන් කහවනු වැසි මිහිපිට හෙලුවේ
  
ජනයා බොහෝ තන්හා උපදවන්ට
රන් මුතු මාල අපගේ ගෙල පලදන්ට
නැටුම් ගැයුම් කාමේ රස පෙන්නන්ට
මාරයා හදන්නේ සසරේ බැද ගන්ට
  
තුන්වෙනි දිනද අපගේ බුදු පුතුන්එදා
සසරේ දුක පහදන්ට අර්ථයොදා
එතී දනන්ගේ සිත සුව නිවනසදා
තූර්්‍ය නාද පෑවේ මාරයාඑදා
  
ජනතාවගෙ සිහි මොල කැලබීයන්නේ
තූර්්‍ය නාටකද එහි ඇති වන් නේ
දිව්‍ය අප්සරාවෝ එහි රග දෙන්නේ
කුල්මත් වු දනන් එතනට දිවයන්නේ
  
උපගුප් තෙරිදු හොදහැටි සන්සුන්වන්නේ
මාර තෙමේ උදම්ව සතුටින්ඉන්නේ
තෙරිදුගෙ හිසේ මල් දමක්ද පලදන්නේ
එය වරදක්ය මරු හට දඩුවම්දෙන්නේ
  
සම්මා සම්බුදුන් ඇයි මොහු නොහික්මුවේ
ශාසනයට මොහුගෙන් විපතකීයවූවේ
කලයුතු සියලු දේ සිත තුල පැවැත්වුවේ
මාරය බදින ලද මල්දම ඉවත්වුවේ
  
මිනිස් කුණක් සහ බලුකුණුකත්ගන්නේ
මාරයා ලගට කුණ දෙක අරගෙනඑන්නේ
මරුගේ සතුට නිමිහිම් නැති වී යන්නේ
උපගුප් තෙරුන් මට වසගවඉන්නේ
  
සතුටුව ප්‍රීතිවි මරුතෙම සැනසීය
ගෞරව පිණිස තෙරුනට හිසනැමුවේය
එය දුටු තෙරුන් සැනෙකින් ඉක්මන්වීය
හිසේ බලු කුණත් කනේ මිනී කුණඑල්ලීය
  
නොහික්මුණු මාරයා මා පිලිකුල් කලදේ
මගේ හිසේ ඇයිදැයි මල්දම්බැන්දේ
තොප කල වරදටයි තොප දඩුවම්වින්දේ
එම නීසා තොපගෙ ගත තුල කුණු කයබැන්දේ
  
මාරයා හිතයි නැ තෙරුනට පරදින්නේ
සෑහෙන බලයෙනුයි මා ජීවත්වන්නේ
බොහොමත් බලය ඇති දෙවියන් දෙව්ලොවඉන්නේ
දෙවියන් ලවා මේ කුණු ගලවාගන්නේ
  
උපගුප් තෙරුන් මරුගේ හිත හැදිනගෙන
පැතුමක් කලා දෙව්ලොව මහ බමුන්ගෙන
මා මිස වෙනත් කිසිවෙකු හට නොහැකිවෙන
ගුගුරයි තුන් ලොවම මහහෙන හඩක්මෙන
  
මාරයා ගියේ සැනෙකින් මහ දෙවු ලොවට
යාචකයෙක් ලෙසින් පවසයි දෙව්දුන්ට
බැරිබව කියයි දෙව්ලොව මහ දෙවියන්ට
යන්නට ගියා බොහොදුර ඇති බඹ ලොවට
  
මාරයා ගිහින් පවසයි මහ බඹුන් හට
මහ විපතක්ය සිදුවනෙ මහ බඹුනිමට
ගලවා දෙන්ට ගතෙහි බැදි කුණුපමට
කොහොමද බැදුනෙ මේවැනි කුණුපයක්තට
  
උපගුප් කියා තෙරුනුන් මනු පොලොවතලේ
බුදුබණ කියයි මිනිසුන් සිත් පහන්කලේ
හිරිහැර කලා එතුමට අවඩැක්යකලේ
එම නිසා එතුමා මා හට දඩුවමක්කලේ
  
එහෙනම් මාර තෙම මේගැන අහගන්ට
දසබල දාරි බුදු රජුගේ පුතුනුන්ට
එරෙහි වෙන්ට බල වික්ක්‍රම නොමැතමට
උපගුප් තෙරුන් පිදුමට එමි මනු ලොවට
  
                                                                              
සත් සමුදුර සිදින්න මට බලයඇති
සාගර පතුල බිදුමට මට බලයඇති
හතරෙන් තුනක් මිනිසත් ගුණ දහම්ඇති
මිනිසා තමයි තුන් ලොවටම අගයඇති
  
ඇල දොල ගංගා සිද සාදුක ඇති වෙන්නේ
මිනිසා මිනිස්කම හැර තිරිසන්වෙන්නේ
සාගර පතුල බිද ජලකද උඩඑන්නේ
මාරය තොපගෙ වාරය එතනයිඑන්නේ
  
දැන් තොප ගිහින් තෙරුනගෙ පා නැමදසිට
නපුරු ගතිය පහකර කීකරුවසිට
කරනට දෙයක් නැත තොප හට සරණකොට
තෙරුන් සරණ මිස අන් සරණක්දතට
  
බඹ ලොව සරණ නැති බව වැටහීයන්නේ
මාරතෙමේ පැරදව මනුලොවඑන්නේ
තෙරුනගෙ දෙපා ලග වැද වැටෙමින්ඉන්නේ
කුණුප ඉවත් කරනට අවසර ඉල්ලන්නේ
  
තෙරිදුනි ඇයිද මට අනුකම්පානොකලේ
තිලොවග බුදුරජුන් නෑ මට මෙහෙමකලේ
බුදුබව ලබන්නට වීරිය කරනකලේ
බොහොමත් නපුරු කම්මැයි බුදු හිමිටකලේ
  
ගවවෙස් සර්ප වෙස් ගෙන හිරි හැරදකලේ
ගැල් කරුවෙකුගෙ වෙස් ගෙන හිරි හැරදකලේ
ශාලා බමුණු ගම ආහර නතරකලේ
මොනවා කලත් බුදුහිමි නෑ මෙහෙමකලේ
  
මහමෙර පර්වතය ලග වැටුනාවැන්නේ
අඹටැක් සමානයි බුදුහිමි ලගඉන්නේ
කරුණා දයා ගුණ ඉවසීමටදන්නේ
මගේ බුදුහිමිට සම වෙන කවුරුදඉන්නේ
  
බුදු බව ලබන්නට දෙව්දත් තෙරුන්එදා
බිම්සර රජු මැරුමට බොරු ගොඩක්සදා
බුදුහිමි නසන්නට මහ ගල් උගුල්යොදා
බුදු බව ලැබුවාද දෙව්දත් තෙරුන් එදා
  
එහෙමත් කරපු දුදනන් හට නෑ වෛරකලේ
අංගුලි මාල වැනි නපුරන් රහත්කලේ
සුනීත සෝපාක වැනි අය රහත්කලේ
අලවු යකුද බුදුහිමි සෝවාන්කලේ
  
සියලු සතට පතලවු කරුණාව ඇති
දහස් ගනන් සත්සිත් ගොඩලන්නඇති
දෙතිස් පුරුෂ ලක්ෂණයෙන් පිරීඇති
ශ්‍රී බුදු සිරුර දැක්මට මම කැමතිවෙති
  
එහෙනම් මාරතෙම තොප මෙය අහගන්නේ
අනුනට හිංසා පීඩා හෙම නොකරන්නේ
ශ්‍රී දේහය මට හොදහැටි පෙන්නන්නේ
පොරොන්දුවක් දෙනු කුණුපය ඉවතටලන්නේ
  
නොයෙක් රූප මට හොද හැටි මැවියහැකි
නොයෙක් වේෂ මගෙ සිරුරට ගන්ටහැකි
සමිදු ගෙ බසට අවනත වී සිටින්නෙකි
සමිදුන් කියන දේ මම පිලි පදින්නෙකි
  
උපගුප් තෙරිදු කරුණාවෙන් පහන්වුනේ
මාරතෙමට තෙරිදුන් බුදු කෙනෙක්වුනේ
තෙරිදුන් දෙපා ලග දන ඇන වැදවැටුනේ
සිරුරේ බැදි කුණුපයන්ද ඉවත්වුනේ
  
තෙරිදුනි කරුණාවෙන් පිලිගන්නේ
බුදුවෙස් දරන්නයි මා දැන් සැරසෙන්නේ
එය දැක බුදුහු යයි මා හටනොවදින්නේ
වැන්දොත් ගින්නෙනුයි මා අලුවීයන්නේ
  
කියමින් මාර තෙම වන ලැහැබකටගියා
අගසවු දෙනම ආනඳ හිමි පිටු පසින්තියා
අනුරුද්ධය සුබුති අරිහත් තෙරිදුන්දතියා
බුදුරුව මවා පෑවේ පුන්සඳ මඩලකියා
  
එය දුටු තෙරිදු සිත සතුටින් පිරුනේය
අසිරිමත් මගෙ බුදුහිමි පොලවටදිරුවේය
බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවීය
දන්ඩ නමස් කාරය කරවැන්දේය
  
මෙවෙනි දෙයක් කෙරුමට මම සුදුසුනැත
මාර තොමො මේ මොහොතම දැවෙනුඇත
එම්බල මාර තෙම තොප බිය නොවනුසිත
මම වැද වැටුනෙ බුදු සිරිපා කමලමත
  
එවෙලේ මාරතෙම බුදු වෙස් හැර ලන්නේ
තෙරිදුන් දෙපා වැද අවසර ඉල්ලන්නේ
පසුදින මථුරපුර රජ දහනටයන්නේ
ඝන්ඨා නාද කර ජනමන පුබුදන්නේ
  
උතුම් නිවන දැක්මට කැමති දනන්නේ
තෙරිදුන් උපගුප්ත පුන්සඳදිලෙන්නේ
බුදු කෙනෙකුන් සමයි සුමුදුර දම්දෙසන්නේ
වැද අවසරගනුය නිවනේ දොරඇරෙන්නේ
  
යමෙක් උතුම් නිවන සැපයයි සිතන්නෙද
ඔහුත් උපගුප්ත තෙරුන් අවසර ගනුයහොද
සමයි බුදු කෙනෙක් දෙසනා දහම්කඳ
බුදුන් නොදැක් අය බලනුය තෙරුන්සඳ
 

Sunday, 23 June 2013

පොසෝන් පොහොය වැදගත්කම

සිංහල බණ කතා පොත්

සියලු දේනාටම පින්බර පොසෝන් පසලොස්වක පොහෝය දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ඒ වගේම සියලුම දේනා ධර්මයේ හැසිරෙයි කියලා මම විශ්වාස කරනවා ඉතින් යාලුවනේ අද මම...
ඔයාලට අරගෙන ආවේ ඉතාම වැදගත් ආරංචියක් ධර්මයට කැමති අයට අනිවාර්යෙන්ම වැදගත්
මොකක්ද කිව්වොත් අලුත් බණ කතා පොත් ටිකක් මටත් මේ ටික අද තමයි හම්බවුනේ ඉතින් මට
හිතුනා ඔයාලටත් දැනගන්න එක්ක මේ ගැන කියන්න ඕන කියලා

Monday, 20 May 2013

වෙසක් සැමරුම (බණ පොත්)

බණ කතා ටිකක්
අවුරුද්දත් ඉවරවේලා වෙසක් උත්සවයත් ලැබුවා ඉතින් මම ඔයාලට වැදගත් වෙයි කියලා
හිතුන දෙයක් අරගෙන ආවා සමහර අය මේක ගැන දන්නවා ඇති ඒත් දන්නේ නැති අයට
වැදගත් වෙයි කියලා හිතනවා මේක කතා පොත් තියන සයිට් එකක් මේකේ තියෙන්නේ..
සිංහල පොත් විතරක් නෙමෙයි බණ පොත් ඉංග්‍රිසි කතා පොත් අනිත් හැම දෙයක්ම මේකේ

Wednesday, 24 April 2013

ධර්ම දේශනා (නමෝ බුද්ධාය)

සිංහල ධර්ම දේශනා

සියලු දෙනාම නිදුක් වෙත්වා කියලා මම පටන්ගන්නම් කතාව ඉතින් හෙට
බක් ‍පසලොස්වක පොහොයත් ලබනවා මමත් ඔයාලට මොනවහරි දෙන්න
ඕනනේ ඉතින් ඒක හින්දා මම අරගෙන ආවා ටිකක් කේන්ති යන අයට
කේන්තිය නිවාගෙන සැනසිමෙන් අහන්න පුලුවන් ධර්ම දේශනා ටිකක්..........

Monday, 25 February 2013

Kavi Bana - සිත නිවන මග

කවි බණ
ඔන්න යාලුවෙන් 2013 නවමි ‍‍ෙපාෙහායත් ලැබුවා ඉතින් මම කල්පනා කරා ඔයාලට
ෙමානවද ෙදන්ෙන් කියලා ෙහායනෙකාට හමිබවුනා ලස්සන කවි බණ ටිකක් මම
හිතුවා එ්ක ඔයාලට ෙදන එක ෙහාදයි කියලා ඉතින් සිත නිවන මග දහමි මාර්ගෙය්
යන්න කැමති අයට ෙමික අරෙගන අාවා ෙමිවා අහන්න සමහරැ අකමැති අැති
නමුත් මටනමි කියන්න තිෙයන්ෙන් අෙප් සමාජය හුගක්ම පිරිහිලා ධර්මයට කැමති
පිරිස හුගක් අඩුයි මම ෙමි රහත් ෙවන්න හදනවත් නැත්නමි වැද්දන්ට බණ කියන්න

Sunday, 24 February 2013

Viridu Bana - විරිදු බණ

සිංහල විරිදු බණ
ඔන්න යාලුවෙන් මම ඔයාලට ෙගනාවා පාඩුෙවි ඉන්න ෙවිලාවට අහන්න විරිදු ටිකක්
පිනට දහමට කැමති අයට ඉතින් අරෙගන අහලා බලන්න මමත් හැම තැනම ෙහායලා
ගත්ත එ්වා තමයි ෙමි ඔයාලට ඉතින් එ්කට ෙවිලාවක් නැෙන් බයෙවන්න එපා එ්කට
තමයි මම ඉන්ෙන් මම කිවිවා වෙග් ෙහායන්න අමාරැ ෙද්වල් එක තැනකට එකතු
කරලා ෙදනවා ඔයාලට තිෙයන්ෙන් ෙකාෙමින්ටි එකක් කරලා මාව දිරිමත් කරන එක